ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 5 විමර්ශණ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක
11th November 2024
ඒකක පරිශ්‍රයවෙත සපැමිණි බලකාධිපති තුමන්ව එම ඒකකයේ අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, එතුමන් වෙත එම ඒකකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව, අණදෙන නිලධාරී විසින් එම ඒකකයේ කාර්යභාරය, වගකීම් සහ මෑතකාලීන ජයග්‍රහණ පිළිබඳව බලකාධිපතිතුමන් දැනුවත් කරන ලදී. ඉන් පසුව මෙම සංචාරය සනිටුහන් කරමින් ඒකකයේ කාර්යය මණ්ඩලය සමඟ එතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිට අනතුරුව පැළයක්ද රෝපණය කරන ලදී.
පසුව බලකාධිපතිතුමන් විසින් තම පුලුල් අත්දැකීම් වලින් වටිනා අදහස් ඉදිරිපත් කරමින් භට පිරිස් ආමන්ත්‍රණය කළ අතර, අනතුරුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.
මෙම සංචාරයේ දී බලකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් එතුමන් ඒකකයේ කාර්යක්‍ෂමතාව සහ වෘත්තීයභාවය වැඩි දියුණු කිරීම වෙනුවෙන් නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙන ලදී.
සංචාරය අවන් කරමින් බලකාධිපතිතුමන් විසින් විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ ඒකකයේ කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම වෙනුවෙන් සිය කෘතඥතාව පල කරමින් සටහනක් තැබීය.