යුද්ධ හමුදා විශේෂාංග

Clear

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ නිල සංචාරයක

2024-10-18

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.


56 පාබල සේනාංකයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙයි

2024-10-18

56 සේනාංකයේ 27 වන සංවත්සරයට සමගාමීව, එම සේනාංක බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 2024 සැප්තැම්බර් මස 12 දින සුබසාධන වැඩසටහනක් ආරම්භ කරන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, යාපනය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුල් සඳහා නව නිවාස ප්‍රදානය කරයි

2024-10-18

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනයන්හිදී පරන්තන් සහ කිලිනොච්චි ප්‍රදේශයේ නව නිවාස තුනක් නිවාස ලාභීන් වෙත ප්‍රධානය කරන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

2024-10-18

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 ඔක්තෝබර් මස 15 දින 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව උපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

2024-10-17

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව උපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී 2024 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.


මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2024, සාර්ථකව අවසන්

2024-10-16

සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මේජර් ජෙනරල් වයි බාලරත්නරාජා වීඑස්වී යූඑස්පී එන්ඩීසී යුධ ශාරීරික අභ්‍යාස පුහුණු තරඟය - 2024, කලත්තෑව සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයහිදී 2024 සැප්තැම්බර් මස 29 දින සිට ඔක්තෝබර් මස 01 දින දක්වා පැවැත්විණි. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ඒකක හයක් සහභාගී වූ අතර, එහිදී එම ඒකක සාමාජිකයන්ගේ විඳදරාගැනීම, යෝග්‍යතාවය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කරන ලදී.


කමාන්ඩෝ භටපිරිස් පුංචි ලෝකාන්තයෙන් හමුවූ තරුණයාගේ මළ සිරුර පොලිසියට භාර දෙයි

2024-10-16

ඌව පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 112 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සමීප අධීක්‍ෂණය යටතේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 16 දින කරනු ලැබූ මෙහෙයුමකින් පසුව අමානුෂික ලෙස ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළ සිරුරක් පුංචි ලෝකාන්තය ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී


ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගංවතුරින් අවතැන් වූවන්ගේ සුවදුක් විමසයි

2024-10-15

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝබර් මස 14 දින ගංවතුරින් අවතැන්ව වැල්ලම්පිටිය විද්‍යාවර්ධන විද්‍යාලය, සේදවත්ත සිද්ධාර්ථ විද්‍යාලය සහ කොටුවිල ගාමිණී විද්‍යාලය යන ස්ථානයන්හි පිහිටුවා ඇති මධ්‍යස්ථානයන්හි රැඳී සිටින පුද්ගලයින්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම ස්ථානයන්හි සංචාරයක නිරතවිය.


56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ නිල සංචාරයක

2024-10-14

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 3 දින 563 පාබල බලසේනාව, 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 බලඇණිය ගැමුණු හේවා බලකාය වෙත නිල සංචාරයක නිරත විය.


ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් සඳහා Lead-Acid බැටරි නඩත්තු කිරීමේ වැඩමුළුක්

2024-10-14

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තුවේ නිලධාරීන් 25 දෙනෙකු සඳහා Lead-Acid බැටරිවල තාක්ෂණය සහ නඩත්තු කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් 2024 ඔක්තෝබර් මස 11 දින රත්මලාන ‘Elcardo’ කර්මාන්ත ශාලාවේදී පැවැත්විණි.