යුද්ධ හමුදා විශේෂාංග
ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක/ බාලිකා විද්‍යාලයන්හි සහතිකපත් ප්‍රදානෝත්සවයට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වෙයි

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝම්බර් මස 31 දින කටුගස්තොට, ශ්‍රී චන්දානන්ද බෞද්ධ බාලක/ බාලිකා විද්‍යාලයන්හි සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා සහභාගී විය.
යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඉදිකළ නව ටෙනිස් පිටිය සහ එළිමහන් ශරීර සුවතාගාරය විවෘත කරයි

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් අතර ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩාශීලිත්වය ප්‍රවර්ධනය කිරීමේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් 2024 ඔක්තෝබර් මස 29 දින එම කඳවුරු පරිශ්‍රයේ ඉදිකළ නව ටෙනිස් පිටිය සහ එළිමහන් ශරීර සුවතාගාරය විවෘත කරනු ලැබීය.
ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ට උපහාර පුදකරයි

ගජබා රෙජිමේන්තු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් වෙනුවෙන් උපහාර පුදකිරීම සඳහා 2024 ඔක්තෝම්බර් මස 27 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී උපහාර උත්සවයක් පැවැත්විණි.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.එ්. මුතුමාල යූඑස්පී පීඑස්සී 2024 ඔක්තෝම්බර් මස 29 දින 562 පාබල බලසේනාව, 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී ඉන්දියානු නැටුම් පිළිබඳ වැඩමුළුවක්

ඉන්දියානු නර්තන ශිල්පිනියක් වන මෞමිතා පාල් මහත්මිය විසින් පවත්වන ලද ඉන්දියානු නර්තන වැඩමුළුවක් යුද්ධ හමුදා තූර්ය වාදක සහ රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී 2024 ඔක්තෝබර් මස 25 දින පැවැත්වූ අතර, ඒ සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසු නිලයන් 90 දෙනෙකු සහභාගී වූහ.
9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

75 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් යටියන ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී.
ධූරයෙන් නික්ම යන පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන් වෙත එම පුහුණු මධ්‍යස්ථානයේ ගෞරවාචාරය

පාබල පුහුණු මධ්‍යස්ථානයේ 44 වන සේනාවිධායක ලෙස ධූරයේ රාජකාරි කරනු ලැබූ බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී පසුගියදා එම ධූරයෙන් නික්ම යනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් කන්කසන්තුරේ තිස්ස විහාරයේ කඨින පිංකම පවත්වයි

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ සාම්ප්‍රදායික කඨින පූජාව එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගිංතොට නන්දාරාම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝම්බර් මස 18 සහ 19 යන දෙදින තුළ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.
උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12 සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වනු ලැබූ උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක 12, ගම්පොළ පිහිටි එම පුහුණු මධ්‍යස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 30 දින සිට ඔක්තෝබර් මස 16 දින දක්වා සාර්ථකව පවත්වන ලදී. මෙම පාඨමාලාව සඳහා සිසුන් 57 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ආපදා කළමනාකරණය පිළිබඳ ඔවුන්ගේ කුසලතා සහ දැනුම වැඩි දියුණු කරන ලදී.
1 බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

1 බලකායේ 6 වන බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 16 දින, කිලිනොච්චියේ පිහිටි එම බලකා මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.