56 පාබල සේනාංකය මහ කන්නයේ වී වගාව අරඹයි
12th November 2024
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නොවැම්බර් මස 08 දින සුබ මොහොතින් ආගමික වතාවත් මධ්‍යයේ මහ කන්නයේ වී වගාකිරීම ආරම්භ කෙරිණි.
ඒ අනුව, මෙම අවස්ථාවේදී අක්කර 6 ක භූමි ප්‍රමාණයකින් යුත් කුඹුරුවල බිත්තර වී රෝපණය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.