7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
7th November 2024
7 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ.ඩී.යූ.ඩබ්ලිව්. අරංගල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ අභිමානවත් 32 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 නොවැම්බර් මස 03 දින එම ඒකක පරිශ්‍රයේදී සැමරුම් උත්සව මාලාවක් පැවැත්විණි.
සංවත්සර දිනයට ප්‍රථම එම ඒකකයේ භටපිරිස් බෝධි පූජාමය වැඩසටහනකට සහභාගී වූ අතර සංවත්සර දිනයේදී, ඒකක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි අණදෙන නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. ඉන් අනතුරුව, අණදෙන නිලධාරීතුමන් රණවිරු ස්මාරකය අභියසදී මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර පුදකිරීමෙන් පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.
සංවත්සර දිනය සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අණදෙන නිලධාරිතුමන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළේය. පසුව එතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහ දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.
මෙම සංවත්සර දිනයට සමඟාමීව එම ඒකකයේ භටපිරිස් විසින් 2024 නොවැම්බර් මස 05 දින ලක්දරු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 21 දෙනෙකු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.