යුද්ධ හමුදා විශේෂාංග
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර අණදෙන පාබල සේනාංකයක්, පාබල බලසේනාවක් සහ බලඇණියක් වෙත නිළ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 61 පාබල සේනාංකය, 613 පාබල බලසේනාව සහ 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2024 සැප්තැම්බර් මස 08 දින නිල සංචාරයක නිරත විය.
10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්‍ෂණය යටතේ වව්නිකුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරනු ලැබීය. එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 සැප්තැම්බර් 06 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
52 පාබල සේනාංකයේ 29 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

52 පාබල සේනාංකයේ 29 වන සංවත්සරය දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 09 දින සමරනු ලැබීය.
9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා විනෝද චාරිකාවක් සංවිධානය කරයි

9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සි.ඩී.පී. ජයතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ සිවිල් සේවක කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සඳහා 2024 අගෝස්තු මස 28 දින සිට 2024 අගෝස්තු මස 30 දිනදක්වා විනෝද චාරිකාවක් සංවිධානය කරන ලදී.
ශ්‍රි ලංකා පාබල හමුදාවට නව නවාතැන් ගොඩනැඟිලි සංකීර්ණයක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් එහි සේනාවිධායක වෙත නව නිල නිවාසයක් මෙන්ම රෙජිමේන්තුව වෙත පැමිණෙන අණදෙන නිලධාරීන් සඳහා නවාතැන් සංකීර්ණයක් සහ සෙසු නිලයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීමේ කටයුතු සාර්ථකව නිම කරන ලදි .
12 පාබල සේනාංකය බෙරගම ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංස්කරණය කරයි

12 පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බෙරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, සනීපාරක්‍ෂක පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව බුදුමැදුරක් ඉදිකිරීමද සිදු කරන ලදී.
විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙන් ගෞරවාචාර

විශ්‍රාම දිවියට එළඹෙන 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්වීඩබ්ලිව්වීවී ආර්ඩබ්ලිබ්ලිව්පී ආර්එස්පී වෙත එම සේනාංකයේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 31 දින සංවිධානය කරන ලදී.
541 පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්ෂණ පුහුණුවක්

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල බලසේනාවේ භට පිරිස් සඳහා සයිබර් ආරක්‍ෂණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.