යුද්ධ හමුදා විශේෂාංග

Clear

75 වන යුද්ධ හමුදා සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

2024-10-02

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් වත්තල ප්‍රීතිපුර ළමා නිවහනේදී 2024 සැප්තැම්බර් මස 26 දින ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. එහිදී තේ පැන් සංග්‍රහයක් හා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කරන ලදී.


‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ කඹ ඇදීමේ තරඟාවලියේ ජය යුද්ධ හමුදාවට

2024-10-01

‘13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල’ පූනෑව ශ්‍රී ලංකා නාවික හමුදා කඳවුරේදී 2024 සැප්තැම්බර් මස 27 දින පැවති අතර එහිදී පැවති කඹ ඇදීමේ තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සමත්වූහ.


යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව බලකාධිපති රාජකාරි අරඹයි

2024-09-27

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 17 වන බලකාධිපති වශයෙන් 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.සී.කේ වනසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී, 2024 සැප්තැම්බර් මස 26 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.


ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් මූලිකත්වයෙන් දියතලාව පළාත් ආයුර්වේද රෝහල පිරිසිදු කිරීමේ වැඩසටහනක්

2024-09-27

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින දියතලාව පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.


ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-09-27

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් 2024 සැප්තැම්බර් මස 25 දින දඹුලුහල්මිල්ලවැව ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.


10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සංඝාවාස ගොඩනැගිල්ලක් ඉදිකරයි

2024-09-24

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උපදෙස මත සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ 10 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම රජමහා විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2024 සැප්තැම්බර් මස 13 දින සාර්ථකව නිම කර එම විහාරස්ථානය වෙත භාර දෙන ලදී.


‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලියේදී’ යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

2024-09-24

‘2024 තායිලන්ත ජාත්‍යන්තර ජූඩෝ ශූරතාවලිය’ 2024 සැප්තැම්බර් මස 18 සිට 24 දින දක්වා කාලය තුළ තායිලන්තයේ බැංකොක් නුවරදී රටවල් 15 ක තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජූඩෝ ක්‍රීඩකයින් මෙම තරඟයේදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගනිමින් තරඟාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූහ.


මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

2024-09-24

මහියංගන රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය 2024 සැප්තැම්බර් මස 17 දින උත්කර්ශවත් අයුරින් පැවැත්විණි. 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම පෙරහැර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.


11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

2024-09-24

11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 සැප්තැම්බර් මස 18 දින දඹුල්ල, කිරලගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය.


211 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

2024-09-24

211 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයි.එන්. කඳනආරච්චි ආර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ භටපිරිස් 2024 සැප්තැම්බර් මස 16 දින පදවිය රෝහලේ පැවති ලේ දන්දීමේ වැඩසටහනකට සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ.