10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරයි
13th September 2024
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී එන්ඩීසී පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්‍ෂණය යටතේ වව්නිකුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරනු ලැබීය. එම අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 සැප්තැම්බර් 06 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
පරන්තන් ප්‍රදේශයේ පදිංචි කුලේන්ද්‍රන් රවී මහතාගේ මුල්‍ය දායකත්වය මත නව නිවස ඉදිකල අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පාලිනගර් ජාතික විද්‍යාලයේ විදුහල්පති ශ්‍රී කමලනාදන් මහතා සහ ප්‍රදේශවාසීන්ද සහභාගී වූහ.