යුද්ධ හමුදා විශේෂාංග
සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානය -2024 අවසන් තරඟය පවත්වයි

ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 6 (ආධාරක) රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සේනාංකාධිපති අභියෝගතා පැසිපන්දු කුසලානයේ අවසන් තරඟය 4 ශ්‍රි ලංකා සන්නාහ සන්නද්ධ බලකා පැසිපන්දු පිටියේදී 2024 සැප්තැම්බර් 01 දින පැවැත්විණි.
පැරිස් පැරාලිම්පික් උළෙලේදී සමිත දුලාන් කොඩිතුවක්කුගෙන් ලෝක වාර්තාවක් සමඟින් රිදී පදක්කමක්

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන පැරාලිම්පික් තරඟාවලියේ දී 2024 සැප්තැම්බර් 02 දින පැවැත් වු පිරිමි F64 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දුරක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ බලළත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු සමත් වූ අතර එය මීට පෙර ඔහු විසින් F44 තරඟ ඛාණ්ඩය යටතේ පිහිටුවා තිබූ ලෝක වාර්තාව බිඳහෙළීමකි.
මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය සාර්ථකව නිමකළ ඉන්දීය භට පිරිස දිවයිනෙන් පිටත්ව යයි

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සහ දෙරට අතර හමුදාවන් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු-ලංකා යුද්ධ හමුදා අතර පැවැත්වූ 'මිත්‍ර ශක්ති' ඒකාබද්ධ යුධ අභ්‍යාසය සාර්ථකව නිම කළ ඉන්දිය භට පිරිස් 2024 අගෝස්තු 25 මස දින දිවයිනෙන් පිටත්ව ගියහ.
24 පාබල සේනාංකාධිපති විසින් 241 පාබල බලසේනාවේ සෙසුනිල භටනිවාසය විවෘත කරයි

241 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භට නිවාසය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් 2024 අගෝස්තු මස 22 දින විවෘත කරන ලදී.
18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පිරිසිදුකිරිමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් 2024 අගෝස්තු මස 22 දින කුඹුක්කන ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එම මූලස්ථානයේ"Rendezvous" හි නව ක්‍රීඩා මණ්ඩපය සඳහා සුබ මොහොතින් 2024 අගෝස්තු මස 19 දින මුල්ගල තබන ලදී
212 පාබල බලසේනාවේ 13 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

212 පාබල බලසේනාවේ 13 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 15 දින සමරනු ලැබීය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් අධ්‍යාපනික දේශනයක් පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී 2024 අගෝස්තු මස 21 දින දේශනයක් පවත්වන ලදී.
A-9 Fusion සංස්කෘතික උත්සවය සඳහා මහනුවර ධර්මරාජ සහ යාපනය හින්දු විද්‍යාලය එක්වෙයි

"A-9 Fusion සංස්කෘතික සහ ක්‍රීඩා එකමුතුව" යාපනය හින්දු විද්‍යාලයේ දී පැවැත් වූ අතර, මේ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් 2024 අගෝස්තු මස 23 දින සහභාගී වූහ.
ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත ආචාරය

ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින හමුදා සම්ප්‍රදායානුකූලව සමුදෙන ලදී.