ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර අණදෙන පාබල සේනාංකයක්, පාබල බලසේනාවක් සහ බලඇණියක් වෙත නිළ සංචාරයක
13th September 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 සැප්තැම්බර් මස 11 දින 61 පාබල සේනාංකය, 613 පාබල බලසේනාව සහ 9 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංචාරයක නිරත විය.
පාබල සේනාංකයේ, පාබල බලසේනාවේ සහ බලඇණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ ස්ථායන් හිදී ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකලේය.
මෙම සංචාරය අතරතුරදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර විසින් සෑම කඳවුරු පරිශ්‍රයකම පැළයක් රෝපණය කළ අතර, භට පිරිස් සමඟින් එතුමන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ වගකීම්, කාර්යභාරය සහ වත්මන් තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සපයන ලදී.
දැනුවත් කිරීම් වලින් අනතුරුව, ආඥාපතිතුමන් භට පිරිස් ඇමතීය. එතුමන්ගේ සංචාරය නිමා කිරිමට පෙර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් සියලු නිළ තේ පැන් සංග්‍රහයටද එක් විය.