ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිල සංචාරයක
13th September 2024
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 6 ආධාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 2024 සැප්තැම්බර් මස 08 දින නිල සංචාරයක නිරත විය.
ප්‍රධාන දොරටුව වෙත සපැමිණි බලකාධිපතිතුමන් එම බලඇණියේ භට පිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එම කඳවුරේ පැළයක් රෝපණය කිරීම සිදුකිරීමෙන් පසුව සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. එතුමන් භට පිරිස් ඇමතීමෙන් පසු නිලධාරි නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයට එක් විය.
බලකාධිපතිතුමන් විසින් නිලධාරී නිවස්නයේදී විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් තැබීමෙන් අනතුරුව උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.
මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසුනිලයන්ද සහභාගී වූහ.