52 පාබල සේනාංකයේ 29 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
11th September 2024
52 පාබල සේනාංකයේ 29 වන සංවත්සරය දිනය එම සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංක මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 සැප්තැම්බර් මස 09 දින සමරනු ලැබීය.
සංවත්සර සැමරුම් උත්සවය ආරම්භ කරමින් සේනාංකාධිපති තුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ බලඇණි සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කිරීම සිදුකළහ. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් විසින් පැළයක් රෝපනය කිරීම සහ සමූහ ඡායාරූපයකට පෙනී සිටීම සිදුකරන ලදී. දිනයේ වැඩකටයුතු අවසන් කරමින් එදින ගායනයන් සහ නර්තන අංගයන්ගෙන් සමන්විත වර්ණවත් සංගීත වැඩසටහනක් සඳහා විශාල භට පිරිසකගේ සහභාගීත්වයෙන් සංවත්සර දිනයේ වැඩකටයුතු අවසන්විය.