යුද්ධ හමුදා විශේෂාංග
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා නව නිවසක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කරන ලදී.
3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 05 සහ 06 දෙදින තුළ 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.
‘බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක – 08’ සාර්ථකව අවසන්

‘බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක - 08’ හි විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 04 දින ඉංජිනේරු පුහුණු පාසලේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී දිසානායක ආර්එස්පී යූඑස්පී පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 07) දින උදෑසන ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූයේය.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සහ සංගීත වැඩසටහනක් සංවිධානය කරයි

2024 ඔක්තොම්බර් 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් 2024 ඔක්තෝම්බර් මස 3 දින එම මුලස්ථාන ක්‍රීඩා පිටියේදී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.
2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වවුනියාවේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නිවසක් ඉදිකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 27 දින 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.කේ වනසිංහ ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය යටතේ වව්නියාව, පුරවසම්කුලම්, නිලියාමොටේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.
දෙමළ භාෂා පාඨමාලා අංක 01 – 2024 සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වයි

9 කාරක රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදව විසින් සංවිධානය කරන ලද අංක 01–2024 දමිළ භාෂා පාඨමාලා සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2024 ඔක්තෝම්බර් මස 1 දින වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විණි. සිංහපුර කනිෂ්ඨ විද්‍යාලයේ සහ නෙළුම් වැව මහා විද්‍යාලයේ සිසුන් 178 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංගේ ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය විසින් අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාව - 2024 දිනාගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා දැල්පන්දු කණ්ඩායම 2024 සැප්තැම්බර් මස 28 දින පනාගොඩදී පැවති අන්තර් රෙජිමේන්තු දැල්පන්දු ශූරතාවලිය - 2024 ජයග්‍රහණය කිරීමට සමත් විය. අවසන් තරඟයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකාය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ 'ඒ' කණ්ඩායම පරාජය කරමින් ජයක්ග්‍රහණය කරණ ලදී.
එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා අංක - 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී සාර්ථකව අවසන්

ගෝලීය සාම මෙහෙයුම් මුලපිරීමේ අයතනය (Global Peace Operations Initiative) විසින් අනුග්‍රහය දක්වන ලද එක්සත් ජාතීන්ගේ සිවිල් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමේ පාඨමාලා අංක 02 ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ඔක්තෝම්බර් මස 04 දින සාර්ථකව අවසන් කරන ලදී.
11 පාබල සේනාංකයෙන් පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යු කොඩිතුවක්කු ආර්එස්පී යුඑස්පී පිඑස්සී අයිජි ගේ උපදෙස් මත පාසල් පොත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් එම පාබල සේනාංක මුලස්ථානයේදි 2024 ඔක්තෝබර් මස 01 දින පවත්වන ලදී.