යුද්ධ හමුදා විශේෂාංග
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 11 පාබල සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 18 වන දින 11 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
122 පාබල බලසේනාවේ භටපිරිස් අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයේ රැස්වීම් පවත්වනු ලබන ගෙමිදුලෙහි ඉන්ටලොක් ගල් අතුරයි

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන හරිත කෘෂිකර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී.පී. අරංගල්ල පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 19 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 සැප්තැම්බර් මස 18 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් මඩුකන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙයි

මඩුකන්ද ජාතික පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 2024 සැප්තැම්බර් මස 13 දින එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර 571 පාබල බලසේනාවේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2024 සැප්තැම්බර් මස 16 දින 571 පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
1 බලකායේ බලකාධිපති සිය බලප්‍රදේශයේ ක්ෂේත්‍ර සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 සැප්තැම්බර් මස 9 සිට 11 දින දක්වා කාලය තුළ විශේෂ බලකා බලසේනාව, 3 සහ 2 කමාන්ඩෝ රෙජිමේන්තුව, 581 පාබල බලසේනාව සහ 5 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

එළඹෙන 75 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ප්‍රජා සහයෝගීතාවය සහ හමුදා සාමාජිකයන්ගේ කැපවීම ප්‍රදර්ශනය කරමින් 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙතින් තන්තිරිමලේ, මානෙල්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව බලකාධිපතිතුමන් ප්‍රථම නිල සංචාරය 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායවෙත

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 4 සන්නද්ධ රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ප්‍රථම නිල සංචාරය 2024 සැප්තැම්බර් මස 09 දින නිරත විය.
ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 සාර්ථකව විසිරයයි

ආධුනික පුහුණු පාඨමාලා අංක - 101 හි විසිර යාමේ පෙළපාලිය පුත්තලම ආධුනික පුහුණු පාසලේදී 2024 අගෝස්තු මස 30 දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.ඒ.රාජපක්‍ෂ ආර්එස්පී සහභාගී විය.