12 පාබල සේනාංකය බෙරගම ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංස්කරණය කරයි
5th September 2024
12 පාබල සේනාංකයේ භට පිරිස් විසින් අම්බලන්තොට බෙරගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, සනීපාරක්‍ෂක පද්ධතිය සහ හෙද විවේකාගාරය ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම නව බුදුමැදුරක් ඉදිකිරීමද සිදු කරන ලදී.
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.කේ.ඩබ්ලිව් .ඩබ්ලිව් .එම් .ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී විසින් එම ගොඩනැඟිලි 2024 සැප්තැම්බර් මස 04 දින රෝහලේ බලධාරීන් වෙත පවරා දෙන ලදී.
මෙම ව්‍යාපෘතිය සඳහා රෝහල විසින් අවශ්‍ය ද්‍රව්‍ය හා සම්පත් සපයනු ලැබූ අතර, යුද්ධ හමුදා භට පිරිස් විසින් ඒ සඳහා තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, රෝහල් කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීහු සහභාගී වූහ.