ශ්‍රි ලංකා පාබල හමුදාවට නව නවාතැන් ගොඩනැඟිලි සංකීර්ණයක්
5th September 2024
ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් එහි සේනාවිධායක වෙත නව නිල නිවාසයක් මෙන්ම රෙජිමේන්තුව වෙත පැමිණෙන අණදෙන නිලධාරීන් සඳහා නවාතැන් සංකීර්ණයක් සහ සෙසු නිලයන් වෙනුවෙන් නිවාඩු නිකේතනයක් ඉදිකිරීමේ කටයුතු සාර්ථකව නිම කරන ලදි .
මෙම උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රි ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරන මේජර් ජෙනරල් ජි.එම්.එන්.පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩිසී 2024 සැප්තැම්බර් මස 04 දින සහභාගී විය.
මෙම අවස්ථාවට එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුළු සෙසු නිලයන්ද සහභාගී වූහ.