6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක්
13th September 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 6 කාරක රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් ඌරාපොල මීවිටිගම්මන ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉඳිකර දෙන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය සහ ද්‍රව්‍යමය වශයෙන් දායක වූ දේශීය පරිත්‍යාගශීලීන් රැසකගේ සහයෝගයෙන් නව නිවස සාර්ථකව නිම කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව නිවස නිල වශයෙන් ප්‍රතිලාභියා වෙත 2024 සැප්තැම්බර් මස 9 දින පවරා දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, රාජ්‍ය නිලධාරීන්, පරිත්‍යාගශීලීන් සහ ගම්වාසීහුද සහභාගී වූහ.