11 පාබල සේනාංකයේ සේනාංකාධිපති 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක
10th October 2024
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී 2024 ඔක්තෝබර් මස 02 දින 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.
එම ඒකකය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් අණදෙන නිලධාරි මේජර් ඒ.එම්.ඩී.එස්. තිලකරත්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් විසින් එම ඒකකයේ කාර්යභාරයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරත විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.