නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරි භාර ගැනීම

9th October 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 18 වන ප්‍රධාන‍ ක්‍ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යුඑස්ප‍ී 2024 ඔක්තෝම්බර් මස 09 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාර ගන්නා ලදී.

අලුතින් පත් වූ ප්‍රධාන‍ ක්‍ෂේත්‍ර ඉංජිනේරු ආගමික වතාවත් මධ්‍යයේ නව කාර්යාලය භාර ගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සාමාජිකයන්, ඉංජිනේරුවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.