විශේෂ බලකායේ මූලිකත්වයෙන් මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කරයි
9th October 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 07 දින මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසික දැරියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ අවට පරිසරය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහිදී, එම දැරියන් වෙනුවෙන් ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කෙරිණි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.