56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කාක්යන්කුලම් ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඇස් කණ්නාඩි පරිත්‍යාග වැඩසටහනක්

9th October 2024

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින කාක්යන්කුලම් ප්‍රජා ශාලාවේදී ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.

සහකාර නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන සංවිධානයේ සභාපති ආචාර්ය වී. සර්වේෂ්වරන් මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී සිවිල් වැසියන් 102 දෙනෙකුට වෙත ඇස් කණ්ණාඩි පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, කාක්යන්කුලම් දේවස්ථානයේ සභාපති බසීර් මහතා ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වූහ.