212 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
10th October 2024
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 212 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 7 දින එම බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 173 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.