8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

10th October 2024

දානපතියන්ගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත 8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කුට්ටිවිල, කිරිඳිවෙල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉඳිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 09 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

8 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය මත මෙම නව නිවසේ ඉඳිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය. මෙම උත්සවයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නව නිවසේ යතුරු නිවාසලාභියා වෙත පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.