241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

9th October 2024

ලෝක ළමා දිනයට සමගාමීව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 4 දින අක්කරපත්තුවේ පිහිටි අම්මාන් මහරිල්ලා කාන්තා ළමා නිවාස පරිශ්‍රයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහනේදී එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 34 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.