යුද්ධ හමුදා විශේෂාංග
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පලෛයි රෝහලෙහි නේවාසික රෝගින් වෙත දිවා ආහාරය ලබාදෙයි

23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඒ එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 20 දින පලෛයි, ප්‍රාදේශීය රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.
141 පාබල බලසේනාව අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ දේශනයක් පවත්වයි

141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා දේශන ශාලාවේදී 2024 දෙසැම්බර් මස 19 දින අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් සංවිධානය කරන ලදී.
16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
57 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

කරුවලගස්වැව, ශ්‍රී විමලධර්ම පෙර පාසලේ ළමුන් 42 දෙනෙකු සහ තබ්බෝව, ශ්‍රී විජය පෙර පාසලේ ළමුන් 15 දෙනෙකු සඳහා රු. 1,80,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින පැවැත්විණි.
ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ, 5 සහ 11 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි නිල සංචාරයක

ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් වයි.කේ.එස්. රංගික පීඑස්සී පීටීඑස්සී, 2024 දෙසැම්බර් මස 15 සහ 17 යන දිනයන්හිදී 5 සහ 11 යන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවන්හි නිල සංචාරයක නිරත විය.
54 පාබල සේනාංකය, නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024 මන්නාරමේදී සංවිධානය කරයි

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, මන්නාරම ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී 2024 දෙසැම්බර් මස 19 දින පැවැත්වීය. මෙම උත්සවය මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සහාය ඇතිව පවත්වනු ලැබීය.
යුද්ධ හා නාවික හමුදා භටපිරිස් විසින් මියන්මාර ජාතික සරණාගතයින් බේරා ගැනේ

මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළට ගොඩබැසීමට උත්සාහ කරමින් සිටි මියන්මාර ජාතික සරණාගතයින් 102 දෙනෙකු රැගත් බෝට්ටුවක් 593 පාබල බලසේනාවේ, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සහ නාවික හමුදාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 19 දින බේරා ගන්නා ලදී.
නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ පවුල් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

10 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් එම ඒකක බලප්‍රදේශයේ පිහිටි නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 60 ක වැසියන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 14 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ කාන්තා කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදාවට

2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 15 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ කේවල ඉසව්වේ සහ යුගල ඉසව්වේ ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම සමත්වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන් කළුඅග්ගල කාන්තා බලකා අනුඛණ්ඩයේ නිල සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 17 දින කළුඅග්ගල, කාන්තා බලකා අනුඛණ්ඩයේ නිල සංචාරයක නිරත විය.