54 පාබල සේනාංකය, නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024 මන්නාරමේදී සංවිධානය කරයි

20th December 2024

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.පී.ඒ.ආර්.පී. රාජපක්‍ෂ ආර්එස්පී ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය - 2024, මන්නාරම ශාන්ත සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී 2024 දෙසැම්බර් මස 19 දින පැවැත්වීය. මෙම උත්සවය මන්නාරම රදගුරු අති උතුම් ආචාර්ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හි සහාය ඇතිව පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

උත්සවයේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා මගින් කැරොල් ගීත ගායනාවන් සහ සාමයේ පණිවිඩය ඉදිරිපත් කළ අතර, මේ සඳහා යුද්ධ හමුදා ගීතිකා කණ්ඩායම, ශාන්ත සේවියර්ස් බාලිකා විද්‍යාලය, අඩම්පන් මධ්‍ය මහා විද්‍යාලය, මුරුක්කන් මධ්‍ය මහා විද්‍යාලය සහ ජයලත් අප ස්වාමි දුවගේ කන්‍යාරාමයේ ගායනා කණ්ඩායම්හි දායකත්වය ද හිමිවූහ.

උත්සවයේ කටයුතු අවසන් කරමින් සහභාගීවූවන් සඳහා තේපැන් සංග්‍රයක් පැවැත්වූ අතර, විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් ද ඉදිරිපත් කරනු ලැබීය. උත්සව අවස්ථාවට පූජකවරු, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, රජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් සහභාගී වූහ.