23 බලඇණිය ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් පලෛයි රෝහලෙහි නේවාසික රෝගින් වෙත දිවා ආහාරය ලබාදෙයි
22nd December 2024
23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඊ.ඒ එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත 2024 දෙසැම්බර් මස 20 දින පලෛයි, ප්‍රාදේශීය රෝහලෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන් වෙත දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් සිදු කරන ලදි.
එම ඒකකය සහ රෝහල් කාර්යය මණ්ඩලය එක්ව සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරක වැඩසටහනෙහි අරමුණ වූයේ ප්‍රථිකාර ලබන කාලය තුළ එම රෝගීන්ට අවශ්‍ය නිසි පෝෂණය ලබාදීම සහ මනා සෞඛ්‍යයෙන් යුත් යහපැවැත්ම වර්ධනය කිරීමට සහාය වීමයි.