යුද්ධ හමුදා විශේෂාංග
තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ තත්ත්ව ආරක්‍ෂක හා පිරික්සුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 9 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බ්‍රිගේඩියර් එල්.එස්.ඩි.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී 2024 දෙසැම්බර් මස 11 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
53 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝගතා කුසලානය’ සාර්ථකව අවසන්

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස්. වික්‍රමරත්න ආර්එස්පී ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 12 සිට 15 දින දක්වා එම සේනාංක වොලිබෝල් පිටියේදී සේනාංකාධිපති අභියෝගතා කුසලාන වොලිබෝල් තරඟාවලිය පවත්වනු ලැබීය.
මෙවර වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උත්සවාකාරයෙන් ආරම්භ කෙරේ

දෙසැම්බර් සිට මැයි මස දක්වා පැවැත්වෙන වාර්ෂික ශ්‍රී පාද වන්දනා සමය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදී ආරම්භ කෙරිණි. ඒ අනුව, මෙම වසරේ ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භය සනිටුහන් කරමින් රත්නපුර, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ දී සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කෙරිණි.
2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් තුලාන, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේ වැටී තිබූ බෝධි රුක්‍ෂයක් කපා ඉවත් කරයි

අධික වර්ෂාපතනය සහ තද සුළං හේතුවෙන් රඹෑව, තුලාන ශ්‍රී බෝධිරාජාරාමයේ බෝධි රුක්‍ෂයක් කඩා වැටී විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක් හානියට පත්විය. රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී 2024 දෙසැම්බර් මස 17 දින කඩා වැටී තිබූ එම බෝධි රුක්‍ෂය කපා ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.
නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවසක්

හඟුරන්කෙත, මන්දාරම්නුවර ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ප්‍රදේශයේ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් නත්තල් දින සැමරුම් උත්සවයක්

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 2024 නත්තල් උදාව සනිටුහන් කිරීමේ ප්‍රජා මූලික වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 12 දින CIMIC උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක

ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ඔලිවියර් ප්‍රෑස් මහතා යුද්ධ හමුදාව වෙතින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘති පිළිබඳ දැනුවත්වීමේ අරමුණින් 2024 දෙසැම්බර් 16 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය නිල සංචාරයක නිරත විය.
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින්තුමන්ට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාරය

51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ. මුතුමාල යූඑස්පී පීඑස්සී මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් පසු 2024 දෙසැම්බර් මස 15 දින අඹේපුස්සේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ගෞරවාචාරය පුදකරන ලදී.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් බර ඉසිලීමේ ජාතික ශූරියට මූල්‍යමය ආධාර ලබාදෙයි

වයස අවුරුදු 17 න් පහළ කිලෝග්‍රෑම් 49 බර ඉසිලීමේ කාණ්ඩයේ ජාතික ශූරිය ලෙස තේරීපත් වී ඇති සෙවනපිටිය මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන එම්. ඉනෝෂා නවෝද්‍යා, 2024 දෙසැම්බර් මස 19 දින සිට 25 දින දක්වා දෝහා, කටාර්හි හි පැවැත්වෙන 2024 ආසියානු යොවුන් හා කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියට තරඟ කිරීමට අවස්ථාව හිමිකරගෙන ඇත.
යුද්ධ හමුදා යුද විද්‍යාලය වෙත නව ජල පිරිපහදු යන්ත්‍රයක්

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා භටපිරිස් විසින් එම විද්‍යාලය වෙත පානීය ජලය ලබාගැනීමේ අරමුණින් 2024 දෙසැම්බර් මස 12 දින පැවති කෙටි උත්සවයකදී එම විද්‍යාල පරිශ්‍රයේ නව ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරනු ලැබීය.