ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපතිතුමන් කළුඅග්ගල කාන්තා බලකා අනුඛණ්ඩයේ නිල සංචාරයක
18th December 2024
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2024 දෙසැම්බර් මස 17 දින කළුඅග්ගල, කාන්තා බලකා අනුඛණ්ඩයේ නිල සංචාරයක නිරත විය.
එම අනුඛණ්ඩය භාර නිලධාරිනි මේජර් එස්.ඊ. කපුගමගේ විසින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බලකාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර, පසුව අනුඛණ්ඩයේ පරිපාලන කටයුතු පිළිබඳව එතුමන් දැනුවත් කරනු ලැබීය.
නිල සංචාරය අතරතුරදී, බලකාධිපතිතුමන් කළුඅග්ගල සහ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි රාජකාරීන් සඳහා යොදවා ඇති විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩයෙහි භටපිරිස් අමතමින්, තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය. තවද, එතුමන් පුහුණුව, විනය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් එම අනුඛණ්ඩය නඟාසිටුවීමට සහ සෑම අතින්ම අභිමානය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව ද වැඩිදුරටත් අවධාරණය කළේය.