141 පාබල බලසේනාව අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ දේශනයක් පවත්වයි

22nd December 2024

141 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ආර්. ද එස්. ධර්මවික්‍රම ආර්එස්පී ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මඟ පෙන්වීම යටතේ වේයන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම බලසේනා දේශන ශාලාවේදී 2024 දෙසැම්බර් මස 19 දින අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතය හා සම්බන්ධ වර්තමාන ගැටළු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් සංවිධානය කරන ලදී.

මෙරට පුද්ගලයින් අන්තරායකර මත්ද්‍රව්‍යයන් භාවිතයට හේතු වන කරුණු පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීම මෙම දේශනයේ අරමුණ විය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය) මාධ්‍ය ප්‍රකාශක සහ අධ්‍යාපන/තොරතුරු නිලධාරී අයි.එම්.සී.පී. කරුණාරත්න මහතා සහ මනෝවිද්‍යා උපදේශිකා එස්. නිල්මිණි අබේසේකර මහත්මිය විසින් මෙම දේශනයන් පැවැත්වූහ.

මෙම දේශනය සඳහා නිලධාරීන් 14 දෙනෙකු සහ සෙසුනිලයන් 142 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී එම දේශනයට සහභාගීවූ පිරිස වෙත ඇති ගැටලු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව ඇති අත්දැකීම් බෙදාගැනීමට ද අවස්ථාවක් හිමිවූහ.