16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි

22nd December 2024

පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ‘නිර්මල මාතා’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු වෙනුවෙන් 2024 දෙසැම්බර් මස 20 දින පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.

57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.

16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ඒ.යූ. දිසානායක ආර්එස්පී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ.

මෙම වැඩසටහනේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර බෙදා දෙන ලදී.

එම කණ්ඩායම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සමඟින් එක්ව සුහඳව අදහස් හුවමාරුකර ගත් අතර, එමගින් ඔවුන්වෙත මානසික සුවයක් ලබා දුන්හ.

එම වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවශ්‍ය සහයෝගය සහ රැකවරණය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ විය.