‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ කාන්තා කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදාවට
19th December 2024
2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ තරඟාවලියෙහි’ අවසන් මහා තරඟය 2024 දෙසැම්බර් මස 15 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ කේවල ඉසව්වේ සහ යුගල ඉසව්වේ ශූරතාවයන් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම සමත්වූහ. 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙපැක්ටැක්රෝ කාන්තා කණ්ඩායම මෙම තරඟාවලිය සඳහා සහභාගී විය.