57 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්
22nd December 2024
කරුවලගස්වැව, ශ්‍රී විමලධර්ම පෙර පාසලේ ළමුන් 42 දෙනෙකු සහ තබ්බෝව, ශ්‍රී විජය පෙර පාසලේ ළමුන් 15 දෙනෙකු සඳහා රු. 1,80,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 දෙසැම්බර් මස 18 දින පැවැත්විණි.
57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.ටී.පී. විමලසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
ආශා ද සිල්වා මහත්මිගේ සම්බන්ධීකරණයෙන් 16 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ඒ.යූ. දිසානායක ආර්එස්පී සහ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව මෙම සමාජ සත්කාරක වැඩසටහන සිදුකරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා මාදම්පේ, දිස්ත්‍රික් 306 බී1 සිංහ සමාජයේ සාමාජික හා ‘වී හේන’ ගොවිපොලෙහි හිමිකරු එන්.එස්. වික්ටර් සහ මහව, සිංහ සංගමය හා ජපානයේ ‘Pura Recycle’ සමාගමේ අධ්‍යක්‍ෂ කසුන් ප්‍රසංග ජයසේකර යන මහත්වරුන් ඇතුළු පරිත්‍යාගශීලීන් අනුග්‍රාහකත්වය දැක්වූහ.
මෙම වැඩසටහනේ අරමුණ වූයේ එම ළමුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබාදී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමයි.