යුද්ධ හා නාවික හමුදා භටපිරිස් විසින් මියන්මාර ජාතික සරණාගතයින් බේරා ගැනේ
20th December 2024
මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළට ගොඩබැසීමට උත්සාහ කරමින් සිටි මියන්මාර ජාතික සරණාගතයින් 102 දෙනෙකු රැගත් බෝට්ටුවක් 593 පාබල බලසේනාවේ, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සහ නාවික හමුදාවේ භටපිරිස් විසින් 2024 දෙසැම්බර් මස 19 දින බේරා ගන්නා ලදී.
පසුව නාවික හමුදාව විසින් ආරක්‍ෂා සහිතව එම බෝට්ටුව ත්‍රිකුණාමලය වරාය වෙත යොමුකරන ලද අතර, ඉන්පසුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පීගේ මඟපෙන්වීම යටතේ 593 පාබල බලසේනාවේ භටපිරිස් විසින් සරණාගතයින් සඳහා ආහාර, වියළි සලාක, ජලය සහ අනෙකුත් සනීපාරක්‍ෂක පහසුකම් සපයන ලදී.