02nd August 2024 17:46:48 Hours
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මාතලේ කයිකාවල ප්‍රදේශයේ දිවිගෙවන දිවංගත කෝප්‍රල් එච්.පී.එන්. උදය කුමාර ගේ පවුලට නව නිවසක් ඉදිකර දෙන ලදී. මෙම නිවස 2024 ජූලි මස 29 දින පැවති කෙටි උත්සවයකදී ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ තාක්ෂණික දක්ෂතාවය සහ ශ්‍රම දායකත්වය ඇතිව එම ඒකකයේ අණදෙන නිලධාරිගේ මූලිකත්වයෙන් නව නිවස ඉදිකරණ ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සමඟ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය විසින් එම අවස්ථාව සංකේතවත් කරමින් නව නිවසේ යතුර ප්‍රතිලාභියාවෙත භාර දෙනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.