Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th July 2024 20:20:46 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු නිලධාරීන් වෙනුවෙන් ඉදිකළ නිලධාරී නිවස්නය විවෘත කෙරේ

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නිලධාරී නිවස්නය 2024 ජූලි මස 07 දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

එම රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම නිලධාරි නිවස්නය සියලු පහසුකම්වලින් සමන්විත කාමර 06 කින් සමන්විත වේ. මෙම උත්සව අවස්ථාව සඳහා එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.