Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2024 15:05:31 Hours

7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් නව පුස්තකාලයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ සංකල්පයකට අනුව 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් වෙනුවෙන් නව පුස්තකාලයක් ඉඳිකරනු ලැබීය. නව පුස්තකාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ සුරතින් 2024 ජුනි මස 15 දින මෙම නව පුස්තකාලය විවෘත කෙරිණි.

මෙම අවස්ථාවේදී, සියලු නිලයන් ආමන්ත්‍රණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මිය පොත් කියවීම තුළින් දැනුම වර්ධනය කරගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. නව පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් එම පුස්තකාලය වෙත පොත් පරිත්‍යාගයක් ද සිදුකළාය.