06th August 2024 18:31:08 Hours
විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නවාතැන් ගොඩනැගිල්ල 2024 ජූලි මස 31 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බළකා රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහභාගී වූහ.
රෙජිමේන්තුවේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලිමේ අරමුණින් අභිනවයෙන් ඉදිකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ නවාතැන් ගොඩනැගිලි සංකීර්ණය සියලු පහසුකම් සහිතව කාමර 8 කින් සමන්විතවේ. මෙම අවස්ථාව සඳහා විශේෂ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.