සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 12 විසිර යාමේ පෙළපාලිය 2025 සැප්තැම්බර් මස 06 දින නයාරු, විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc සහභාගි විය.