පුහුණු

ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ, 24 පාබල සේනාංකයේ සහ අම්පාර සටන් පුහුණු පාසලේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාවක්’ යන මැයෙන් වැඩමුළුවක් 2025 මැයි 23 සහ 24 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.


21, 54, 56 සහ 59 පාබල සේනාංක යටතේ ස්ථාපිත බලඇණිවල භටපිරිස් සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.සී.පී විජයරත්න RWP RSP nps psc ගේ මඟපෙන්වීම යටතේ 2025 මැයි මස 20 දින සිට 22 දින දක්වා දින තුනක ඡායාරූපකරණය පිළිබදව වැඩමුළුවක් සාර්ථකව පවත්වන ලදී.


යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සී. කළුතරආරච්චි ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අතුරුගිරිය, OBD විද්‍යාපීඨය සමඟ එක්ව එම බලකායේ නිලධාරින් 06 දෙනෙකු සහ සෙසුනිලයන් 06 දෙනෙකු සඳහා 2025 මැයි මස 08 සහ 09 යන දිනයන්හිදී Vehicle Scanning and Diagnosis පිළිබඳව දෙදින වැඩමුළුවක් පවත්වන ලදී.


ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී 2025 මැයි මස 01 දින බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කපිතන් ජී.ඒ රාජපක්‍ෂ විසින් පවත්වන ලද මෙම දේශනය මගින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගැනීම සඳහා බෝ නොවන රෝග පිළිබඳ දැනුවත්භාවය වැඩිදියුණු කිරීම අරමුණ විය.


මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 88 (2025/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 29 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc සහභාගි විය.


අම්පාර, සටන් පුහුණු පාසලේදී පවත්වන ලද ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලා අංක - 106’ පාඨමාලාවෙහි සහතිකපත්‍ ප්‍රදානෝත්සවය 2025 අප්‍රේල් මස 10 දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර WWV RWP RSP සහභාගි විය.


විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලක‍ායෙහි රාජකාරියෙහි නියුතු නිලධාරින් සහ සෙසුනිලයන් සඳහා ජෛව වෛද්‍ය වායු පද්ධති නඩත්තුව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 22 දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලදී.


21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර් පාලමකුඹුර RWP RSP ගේ මඟපෙන්වීම මත එම සේනංක මූලස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේදී 2025 අප්‍රේල් මස 09 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්විණි.


ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති ‘මූලික ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන් කෙරිණි.


ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතන මඟින් පවත්වනු ලැබූ Tailor–Made United Nations Military Observers Course and Aero Medical Evacuation Team Pre-Deployment Training පාඨමාලාව 2025 මාර්තු මස 27 දින සාර්ථකව අවසන් කරන ලදී.