30th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා සාර්ථකව හදාරන ලැබූ සෙසුනිලයන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.
සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc, සහභාගි විය.
එහිදී, සම්භාවනීය ආරාධිත අමුත්තන් විසින් මෙම පාඨමාලාවන්ට සහභාගී වූවන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.