7th September 2025
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මස 15 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරහිදී එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ටී.ජි.එ ද සිල්වා විසින් එහිදී යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සහ මූල්‍ය ආරක්‍ෂාව සඳහා යහසාධක අරමුදලේ කාර්යභාරය පැහැදිලි කරමින් ප්‍රතිලාභ, ක්‍රියා පටිපාටි සහ නිවැරදිව ලියකියවිලි ඉදිරිපත් කිරීමේ වැදගත්කම ඉස්මතු කරමින් මෙම වැඩසටහන සිදුකරන ලදී.
වැඩසටහනේදි ඊට සහභාගී වූ පිරිස වෙත මෙම අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීම සහ ගෙවීම් සිදුකරන ආකාරය පිළිබඳව ඇති ගැටළු ඉදිරිපත් කර ඒවාට පිළිතුරු ලබාගැනීමටත් අරමුදලේ මෙහෙයුම් පිළිබඳව ඇති අවබෝධය වැඩි දියුණු කරගැනීමටත් හැකි වූහ.