ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ශාස්ත්‍රීය සංගීත චිකිත්සක සැසියක් පවත්වයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 13 සහ 14 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහිදී ශාස්ත්‍රීය සංගීත චිකිත්සක වැඩසටහනක් පවත්වනු ලැබීය.

කොළඹ විශ්ව විද්‍යාලයේ සහ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ මනෝවිද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය මධුර සංඛ ගුණවර්ධන මහතා විසින් මෙහෙයවන ලද මෙම සැසිය සඳහා සහභාගි වූ යාපනය ප්‍රදේශයේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සහ සෙසුනිලයන් හට රාජකාරි කිරීමේදී ඇතිවන මානසික පීඩනයෙන් මිදීමට අවස්ථාව හිමිවිය. මෙම සංගීත චිකිත්සාව සඳහා තෝරාගත් උසස් ශාස්ත්‍රීය සංගීතය මඟින් මානසික ශක්තිය වර්ධනය කිරීම, චිත්තවේග පාලනය කිරීම සහ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කිරීම සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.