මිත්‍ර ශක්ති XI අභ්‍යාසයේ අවසන් සැලසුම් සමුළුව පවත්වයි

මිත්‍ර ශක්ති XI අභ්‍යාසයේ අවසන් සැලසුම් සමුළුව 2025 ජූලි මස 30 දින සිට අගෝස්තු මස 02 දින දක්වා ඉන්දියාවේ, කර්ණාටක ප්‍රාන්තයේ, බෙලගාවි ප්‍රදේශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාබල අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩී.එස් ජයවර්ධන RSP ndc සමඟින් ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු මෙම සමුළුව සඳහා සහභාගි වෙමින් පුහුණු ප්‍රදේශවල ක්ෂේත්‍ර සංචාරයක් සිදුකළ අතර ඉදිරි අභ්‍යාසයන් සිදුකරනු ලබන ආකාරය පිළිබඳව ඉන්දීය හමුදා නිලධාරින් සමඟ සැලසුම් සිදුකරනු ලැබීය.

මෙම අභ්‍යාසය ඉන්දියානු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතාවයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකෙන අතර, ත්‍රස්ත විරෝධී ක්‍රියාන්විත සහ සාමසාධක මෙහෙයුම්වලදී ඒකාබද්ධ හමුදා ක්‍රියාන්විතයන් තවදුරටත් වැඩිදියුණු කිරීම මෙම අභ්‍යාසයන් සිදුකිරීමේ අපේක්‍ෂාව වේ. බාධාවකින් තොරව සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම සහ සාර්ථකව මෙම අභ්‍යාසය සිදුකිරීම සහතික කිරීම වෙනුවෙන් මෙහිදී පුළුල් සාකච්ඡාවන් පවත්වන ලදී.

මෙම සමුළුව සමාප්තියේ, දෙපාර්ශ්වය අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය සුහදත්වය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.