7th August 2025
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP ගේ මඟපෙන්වීම මත රුසියානු - ශ්‍රී ලංකා උපායමාර්ගික ත්‍රස්ත විරෝධි අභ්‍යාසයේ තෙවන සැලසුම් සමුළුව රුසියානු හමුදා නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 05 දින පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් කාර්යාලයේදී පැවැත්විණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසය සඳහා පරිපාලන හා භඨකාර්ය සම්පාදන කටයුතු අවසන් කිරීම පිළිබඳව සහ එම අභ්‍යාසයේ සියලු අංගයන්හි සංවිධාන කටයුතු සහතික කිරීම පිළිබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරිණි. මෙම සමුළුව සමාප්තියේ, දෙරටෙහි හමුදාවන් අතර පවතින සබඳතාවයන් ශක්තිමත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.