මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 88 (2025/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2025 අප්‍රේල් මස 29 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc සහභාගි විය.