ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ මඟපෙන්වීම යටතේ ‘මානසික සෞඛ්‍යය සහ සන්නද්ධ හමුදා සාමාජිකයන් සියදිවි නසාගැනීමේ උත්සාහයන් වැළැක්වීම’ යන මැයෙන් තෙදින වැඩමුළුවක් 2025 අගෝස්තු මස 12 දින සිට 14 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම දී පවත්වන ලදී.
මෙම සැසිය යුද්ධ හමුදා මූලස්ථානයේ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් (වෛද්‍ය) ආර්.එම්.එම් මොනරාගල USP, කර්නල් එම්.කේ.ඒ.ඩී චන්ද්‍රමාල් සහ කපින් කේ.පී.කේ ඇන්තනි යන මානසික සෞඛ්‍ය විශේෂඥයන් විසින් මෙහෙයවන ලදී.
මෙම වැඩමුළුවට නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් පිරිසක් සහභාගි වූහ.