11th August 2025
මධ්‍යම ශ්‍රේණියේ නිලධාරින්ගේ ක්‍රියාන්විත දැනුම වැඩිදියුණු කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකගේ අධීක්‍ෂණය යටතේ ‘Staff Ride’ අභ්‍යාසය 2025 අගෝස්තු මස 06 දින සාර්ථකව පවත්වන ලදී. මෙම අභ්‍යාසය සාර්ථකව සංවිධානය කිරීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිරගේ සහයෝගයද හිමිවිය.
නැගෙනහිර පළාතේ පාලනය නැවත එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් ලබාගැනීමේදී තීරණාත්මක පියවරක් සනිටුහන් කළ නැගෙනහිර මානුෂීය මෙහෙයුමේ වැදගත් ස්ථානයක් වූ තොප්පිගල සටන කෙරෙහි මෙම අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කරමින් අධ්‍යයනය හදාරන නිලධාරින් සඳහා ක්‍රියාන්විත සැලසුම් කිරීම සහ මෙහෙයවීම පිළිබඳ දැනුමක් ලබාදෙන ලදී.
න්‍යායාත්මක දැනුම භූමියේදී සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නිර්මාණය කර ඇති ‘Staff Ride’ අභ්‍යාසය මඟින් ශිෂ්‍ය නිලධාරින්ට මෑත ඉතිහාසය තුළ මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රියාන්විතයන් ගවේශනය කිරීම තුළින් ක්‍රියාන්විත වලදී හමුවන භූමි ප්‍රදේශ සහ උපක්‍රම මෙන්ම තීරණ ගැනීමේදී සහ අණදීමේදී ඇතිවන අභියෝග පිළිබඳව අවබෝධයක් ලබා දෙන ලදී.
මෙම අභ්‍යාසය නැගෙනහිර මානුෂීය මෙහෙයුම සඳහා අණදීම සිදුකරන ලද අණදෙන නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදුකළ අතර, එහිදී ශිෂ්‍ය නිලධාරින් හට මෙම මානුෂීය මෙහෙයුම ගවේශනය කිරීමේදී ඇති වූ ගැටළුන් නිරාකරනය කරගැනීමට මෙන්ම එම අණදීම් සිදුකළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් සතු අද්දැකීම් ලබාගැනීමට ද අවස්ථාව හිමිවිය.
මෙම අභ්‍යාසය මගින් සංකීර්ණ ක්‍රියාන්විත පරිසරයන් තුළ නායකත්වය දීමට උපායමාර්ගික මනසක් සහ දැනුමක් ඇති නිලධාරින් බිහි කිරීම සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලය සිදුකරනු ලබන මෙහෙය පිළිබිඹු කරයි.