ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ, ආරක්‍ෂක සේනා ආඥාපති යාපනය මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ 2025 අගෝස්තු මස 13 සහ 14 යන දිනයන්හිදී ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනයහිදී ශාස්ත්‍රීය සංගීත චිකිත්සක වැඩසටහනක් පවත්වනු ලැබීය.