නීති සේවා, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්‍යක්ෂ මණ්ඩලය මගින් මෙහෙයවනු ලැබූ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලව අංක - 31 නිලධාරි 2025 නොවැම්බර් මස 24 දින සිට දෙසැම්බර් මස 23 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.
පුහුණු
පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස උපදේශක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන්හි විසිර යාමේ උත්සවය 2025 දෙසැම්බර් මස 19 වන දින පවත්වනු ලැබීය.
කනිෂ්ඨ උපදේශක පාඨමාලාව අංක - 108 හි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 01 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.
ආරක්ෂක සූදානම ඉහළ නැංවීමේ අරමුණින් අදියර තුනක් යටතේ ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පවත්වනු ලබන වැඩසටහනේ ආරම්භක අදියර වන සති දෙකක පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 24 දින පනලුවෙහිදී ආරම්භ කරන ලදී.
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 (2025/II) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති සහතික ප්‍රදානෝත්සවයකින් 2025 නොවැම්බර් මස 08 දින අවසන් විය.
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් 2025 නොවැම්බර් මස 12 දින එම කඳවුරු භූමියේදී නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා පවත්වන ලදී.
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා 2025 නොවැම්බර් මස 04 දින එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.
ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 57, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 ඔක්තෝබර් මස 28 දින අම්පාර, සටන් පුහුණු පාසලේදී පැවැත්විණි.
විදුලි කාර්මික, දැව ශිල්පීන් (ගොඩනැගිලි) සහ ඉදිකිරීම් ශිල්පීන් (පෙදරේරු) සඳහා වන ජාතික වෘත්තීය සුදුසුකම් III මට්ටමේ (NVQ Level III) සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 ඔක්තෝබර් මස 17 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ජේ.ඒ.සී.එස් ජාගොඩ psc ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි.