විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි විසිර යාමේ පෙළපාලිය 2026 ජනවාරි මස 19 වන දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. එම පාඨමාලාව 2025 ජූලි මස 11 දින සිට 2026 ජනවාරි මස 19 දින දක්වා පැවැත්විණි.
ජාතියේ ආරක්ෂකයා
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක 78 හි විසිර යාමේ පෙළපාලිය 2026 ජනවාරි මස 19 වන දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. එම පාඨමාලාව 2025 ජූලි මස 11 දින සිට 2026 ජනවාරි මස 19 දින දක්වා පැවැත්විණි.
පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී විශේෂ ටයිකොන්ඩෝ පුහුණු වැඩමුළුවක් 2026 ජනවාරි මස 08 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන එක්සත් රාජධානියේ උපදේශකයින් පිරිසක් විසින් මෙහෙයවන ලද අතර, එහිදී Living Well Taekwondo Academy යෙහි ප්‍රධාන උපදේශක ග්‍රෑන්ඩ් මාස්ටර් ඩෙරෙක් සම්නර් විසින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන් සඳහා වටිනා තාක්ෂණික, උපක්රමික සහ දිරිගැන්වීමේ පුහුණුවක් ලබා දෙන ලදී.
නීති සේවා, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලය මගින් මෙහෙයවනු ලැබූ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලව අංක - 31 නිලධාරි 2025 නොවැම්බර් මස 24 දින සිට දෙසැම්බර් මස 23 දින දක්වා කුකුළේගඟ, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වන ලදී.
පනාගොඩ, යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස උපදේශක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ ශාරීරික අභ්‍යාස උපදේශක පාඨමාලාවන්හි විසිර යාමේ උත්සවය 2025 දෙසැම්බර් මස 19 වන දින පවත්වනු ලැබීය.
කනිෂ්ඨ උපදේශක පාඨමාලාව අංක - 108 හි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 01 දින අම්පාර සටන් පුහුණු පාසලේදී පවත්වන ලදී.
ආරක්ෂක සූදානම ඉහළ නැංවීමේ අරමුණින් අදියර තුනක් යටතේ ක්ෂණික ප්‍රතික්‍රියා යතුරුපැදි කණ්ඩායම් සඳහා පවත්වනු ලබන වැඩසටහනේ ආරම්භක අදියර වන සති දෙකක පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 24 දින පනලුවෙහිදී ආරම්භ කරන ලදී.
බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව - 89 (2025/II) මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවති සහතික ප්‍රදානෝත්සවයකින් 2025 නොවැම්බර් මස 08 දින අවසන් විය.
මූල්‍ය කළමනාකරණය පිළිබඳ දේශනයක් රණවිරු සම්පත් කේන්ද්‍රය විසින් 2025 නොවැම්බර් මස 12 දින එම කඳවුරු භූමියේදී නිලධාරින් සහ සෙසු නිලයන් සඳහා පවත්වන ලදී.
භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා 2025 නොවැම්බර් මස 04 දින එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.