පුහුණු

අම්පාර, සටන් පුහුණු පාසල විසින් පවත්වන ලද ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක 85, හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 මාර්තු මස 31 දින පැවැත්විණි.


ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතික්‍රියා රෙජිමේන්තුව විසින් කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ කළමනාකරණ සහ ආරක්‍ෂක කාර්ය මණ්ඩලය සඳහා 2026 මාර්තු මස 24 වන දින එම හෝටල් පරිශ්‍රයේදී පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.


යුද්ධ හමුදා යුධ විද්‍යාලය විසින් 2026 මාර්තු මස 25 සහ 26 යන දෙදින තුළ, Diners’ Club වැඩසටහනක් සහ මුලතිව් අල්ලා ගැනීම පාදක කරගනිමින් Battlefield Case Study වැඩසටහනක් පවත්වන ලදී.


ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබූ කැරලි මර්ධන භට කණ්ඩායම් පෙර පුහුණු පාඨමාලා අංක 1 - හයිටි (අදියර I) 2026 මාර්තු මස 18 වන දින අවසන් කරන ලදී.


යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් 2026 පෙබරවාරි මස 25 වන දින යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 04 වන දින යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද, මාර්තු 17 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ද පවත්වනු ලැබීය.


යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2026 පෙබරවාරි මස 24 දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 මාර්තු මස 03 දින 14 වන පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදී.


දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කැඩෙට් නිලධාරීන් වෙනුවෙන් බෝ නොවන රෝග වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක්, ‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ සම්බන්ධීකරණ කාර්යාලය මඟින් 2026 පෙබරවාරි මස 25 දින එම විද්‍යාපීඨ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.


යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම අරමුදල පිළිබඳ නිලධාරීන් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සහ 2026 පෙබරවාරි මස 19 වන දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.


අංක 29 මූලික ආපදා ප්‍රතිචාර පාඨමාලාව ගම්පොළ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේදී 2026 ජනවාරි මස 05 දින සිට පෙබරවාරි මස 13 දින දක්වා සාර්ථකව පවත්වන ලදී.


අම්පාර සටන් පුහුණු පාසල විසින් පවත්වන ලද ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 58 හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2026 පෙබරවාරි මස14 වන දින පැවැත්විණි.