පුහුණු

යුද්ධ හමුදා සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් නිලධ‍ාරින් සඳහා 2025 ඔක්තෝබර් මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී ‘නිවැරදි තාක්‍ෂණික පිරිවිතරයන් සකස් කිරීම’ පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.


බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ආපදා අවස්ථාවකදී මුදාගැනීමේ මෙහෙයුම් පුහුණු අභ්‍යාසයක් 2025 ඔක්තෝබර් මස 16 දින පවත්වන ලදී. 2025 සැප්තැම්බර් මස 04 දින සිදු වූ ඛේදජනක බස්රථ අනතුරෙන් පසු ඉදිරියේදී සිදුවිය හැකි හදිසි අනතුරු සඳහා වන සූදානම සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පුහුණු අභ්‍යාසය සිදු කරනු ලැබීය.


11 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති 2025 යුද අභ්‍යාසය 2025 නොවැම්බර් මස 9 දින සිට නොවැම්බර් මස 23 දින දක්වා ඉන්දියාවේ බෙල්ගාවි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා, සහභාගි වන කණ්ඩායම සඳහා පූර්ව පුහුණු පාඨමාලාව නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසලේදී ආරම්භ වූ අතර, එම අවසථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සහභාගි වූහ.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් 2025 ඔක්තෝබර් මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම ශාඛා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.


ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් බෝ නොවන රෝග පිළිබඳ දේශනයක් 2025 ඔක්තෝබර් මස 01 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.


යුද්ධ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ රේගු ක්‍රියා පටිපාටිය පිළිබඳ විශේෂ දේශනයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මස 30 දින පවත්වන ලදී.


අම්පාර සටන් පුහුණු පාසල මඟින් පවත්වන ලද කොමිෂන් නොලත් නිලධාරි නායකත්ව සහ ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 61 හි සහතිකපත් ප්‍රදානෝත්සවය 2025 සැප්තැම්බර් මස 16 දින එම පුහුණු පාසලේදී පවත්වනු ලැබීය.


ඕස්ට්‍රේලියානු රාජකීය හමුදා ඉංජිනේරු බලකායේ සාමාජිකයන් විසින් 2025 සැප්තැම්බර් මස 08 දින සිට 11 දින දක්වා ශ්‍රී ලංකා යුධ ඉංජිනේරු පාසලේදී F3 බිම් බෝම්බ හඳුනාගැනීම පිළිබඳව වැඩමුළුවක් පවත්වන ලදී.


සංග්‍රාමික කිමිදුම් පාඨමාලා අංක - 12 විසිර යාමේ පෙළපාලිය 2025 සැප්තැම්බර් මස 06 දින නයාරු, විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc සහභාගි විය.


යුද්ධ හමුදා යහසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් 2025 අගෝස්තු මස 15 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරහිදී එම මූලස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින් සහ සෙසුනිලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.